ලංකා විදුලි බල මණ්ඩලය විසින් දිවයිනේ ප්‍රථම වතාවට විදුලි පාරිභෝගිකයන් අතරට ගොස් විදුලි ගැටළු සදහා ක්ෂණික විසදුම් ලබාදිමේ ජංගම සේවයක් අද (02) දින හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේදි සිදු කෙරිණ.
ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කමල් දයාරත්න සහ හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් විදුලි ගැටළු පාමුලට යන මැයෙන් මෙම ජංගම සේවය (02) දින දවස පුරා එම වතුයායේදි පවත්වනු ලැබුහ.
මෙම ජංගම සේවයට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සියළුම නිලධාරින් සහ සේවකයින් විදුලි ගැටළු විසදිම සදහා අවශ්‍ය සියළු උපකරණ එම වතුයායට රැගෙන ගොස් තිබු අතර, ජංගම සේවයේදි හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේ විදුලි පාරිභෝගිකයන් විසින් ඉදිරිපත් කල විදුලි මනුවල දෝෂ , දිරාගිය විදුලි කණු මාරු කිරිම, විදුලි රැහන් වලට ගස් අතු වැදිම සහ ඇද වැටි ඇති විදුලි රැහන් යලිත් අලුත්වැඩියා කිරිම , නව විදුලි සම්බන්ධතා ලබාදිම ඇතුළු ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් එම ජංගම සේවය තුලින් විසදුම් ලබාදුන් අතර, එම විසදුම් වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබාදිමට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පියවර ගනු ලැබුහ.
මෙවැනි ජංගම සේවාවන් හැටන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන සියළුම ප්‍රදේශවල ඉදිරි දිනවලදි පැවැත්විමට පියවර ගන්නා බවයි හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා කියා සිටියේ.

