මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම් හෙට(23දා) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
මේ අනුව හෙට සබරගමුව පළාත් මහජන උපදේශනයේ වාචික අදහස් ලබා ගැනීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදියේදී සිදුවේ.සෙසු විස්තර මෙසේය.
27 වැනි දින ඌව පළාත් සැසිය බදුල්ල පළාත් ශ්‍රවණාගාරයේදී
උතුරු පළාතට අදාළ සැසිය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදියේදී
28 වැනි දින දකුණු පළාත් සැසිය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදියේදී.
29 වැනි දින උතුරු මැද පළාත් සැසිය අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ අයාතනයේදී හා නැගෙනහිර පළාත් සැසිය අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදියේදී.
30 වැනි දින වයඹ පළාත් සැසිය පළාත් සභාවේ ලිච්ඡවි ශලාවෙහිදී, මධ්‍යම පළාත් සැසිය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී.
03 වැනි දින බස්නාහිර පළාත් සැසිය බණ්ඩාරනායක සම්මන්ත්රශාලවෙහිදී.
මීට අමතරව මහජන අදහස්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 06 වැනි මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, 28, ශාන්ත මයිකල් පාර කොළඹ 03. යන ලිපිනයටද යොමු කළ හැකි බවද පෙන්වා දෙයි.