2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. එම කාලසීමාව වෙනුවෙන් විදුලි ගාස්තුව සියයට 18.3කින් ඉහළ නැංවිය යුතු බවට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂමට දැනුම් දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබීමට නම් විදුලි ගාස්තු වැඩිකිරීමක් සිදුව යුතුව තිබෙන අතරම ඉදිරියටත් පිරිවැය ආවරණය වන මිල ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබේ.