විදුලි ගාස්තු වැඩි කළේ පසුගිය අලාභ පියවා ගැනිමට නෙමෙයි
ලංවිම ගාස්තු සංශෝධනය කළේ පසුගිය අලාභ පියවා ගැනීමට නොවන බවත් විදුලි උත්පාදන වෙනුවෙන් වැයවන පිරිවැය ආවරණය කිරීමට පමණක් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
"මේ ගාස්තු සංශෝධනය කළේ පසුගිය කාලයේදී ලංකා විදුලි බල මණ්ඩලය ලැබූ අලාභයන් පියවා ගන්න නෙමෙයි. මේ ගාස්තු සංශෝධනය කරලා තියෙන්නේ අද ඉදලා විදුලිය උත්පාදනය කර ගන්න යන වියදම් ආවරණය කර ගැනීමට පමණයි.
මෙහි කිසිම ලාභයක්, අමතර ආදායමක් ලංවිමට ලබා ගැනීමට නෙමෙයි. විදුලි බල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කර ගැනීමටත්, අකාර්යක්ෂමතාව අඩු කිරිමටත් අපි විවිධ පියවර ගෙන තිබෙනවා.
නමුත් අපිට තියෙන අභියෝගය තමයි ගල් අඟුරු, දැවිතෙල් ලබා ගැනීමට විශාල පිරිවැයක් දරන්න වෙලා තිබෙනවා. අපිට අත්පිට මුදලට ගන්නවට වඩා ණයට ගැනීමේදී වැඩි මුදලක් ගෙවන්න වෙනවා. මේ අයක්‍රමය ක්‍රියාත්මකවීමත් සමග විදුලි බල මණ්ඩලයට මීට වඩා අඩු මුදලට ගල් අඟුරු හා ඉන්ධන ලබා ගැනීමට හැකිවේවි."
popular news
-
Kumar Thursday, 16 February 2023 04:23 PM
eh vithrak nove 12 dahasak awashaya karyata 25 dahasak inna nisa vadipura inna ayageth vatup gewanna mudal awashay nisa neda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
