විදුලි ගාස්තු වැඩි කරන්න වෙනවා
විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඒසේ නොවන්නේ නම් මුදල් මුද්‍රණය කිරීමට හෝ වැට් වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ඔහු පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“අපි අගෝස්තු මාසයේදී විදුලි බිල වැඩි කළා.ඒක මදි. රුපියල් බිලියන 151ක අලාභයක් ලැබෙන්න තිබෙනවා. 2013ඉදලා අපේ සම්පූර්ණ අලාභය බිලියන 300යි. අපිට බිලියන 300ක් හොයන්න තියෙනවා.
ලබන වසරේදී නියගයක් තිබෙනවා. නියගය තිබුණොත් අපිට රුපියල් බිලියන 420ක් අවශ්‍යයි. වර්ෂාප ලැබුණොත් බිලියන 352ක් අවශ්‍යයි. වැඩි වර්ෂාව ලැබුණොත් බිලියන 295ක් අවශ්‍යයි.
අපි මේවා කොහොමද හොයා ගන්නේ. ආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? එතකොට රුපියල බාල්දු වෙනවා. ඒහෙනම් වැට් වැඩි කරමු. වැට් වැඩි කරලා වැඩි කරලා අන්තිමට ඒකත් ප්‍රශ්නයක් වෙනවා.
තුන්වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. අපිට පුළුවන් විදුලි කප්පාදුවක් කරන්න. මම ඒ්කට කැමති වුනේ නෑ. උසස් පෙළ තියන්න තියෙනවා. මට දෙමාපියෝ කිව්වේ මොකක් කළත් කමක් නෑ විදුලි බලය නවත්වන්න එපා කියලයි.
අපි මේ ගැන කථා කළා. කවුරුවත් කැමති නෑ මේවා වැඩි කරන්න. අපි දේශපාලනයේ ඉන්නේ. මොකක්ද අපිට තියෙන විකල්පය. අලාභය නිසා පිටින් ආධාර ගන්න බෑ. අපි අකමැත්තෙන් හරි මේක කරන්න වෙනවා.
ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. ඒ් නිසා අනාගතය හොඳ වෙනවා. 2013 ඉදලා විදුලි බිල වැඩි කළේ නෑ. හැමෝම වග කියන්න වෙනවා.”
popular news
-
kuma Thursday, 08 December 2022 11:31 AM
please collect current bills from parliment members who is not paid, then you can fulfill the expecting budget for supply the power for 2023
Reply : 0 0
Demuni Uduwara Thursday, 08 December 2022 10:02 PM
All previlmg expenditure for President, Members in the Legislature other than their monthly pay should be dededucted by 40%. Governers too should be simultaneous
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

