ඉදිරියෙදි සිදුකිරිමට නියමිත විදුලි ගාස්තු ඉහල දැමීම රජයේ ප්‍රතිපත්තිය රජය විසින් ම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සදහන් කරයි.
වසරකට විදුලි ගාස්තු සංශෝධන කල හැක්කේ දෙවතාවකදී පමණක් බවට රජය ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බවත්. එහෙත් මේ ප්‍රතිපත්තිය එසේම තිබියදී නැවත අති විශේෂ විදුලි ගාස්තු ඉහල දැමීමක් සදහා කැබිනට් අනුමැතිය ලබා දි තිබෙන බව ජනක රත්නායක මහතා ඊයේ(02) මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරමින් සදහන් කලේය.
වසරකට වාර තුනකදී විදුලි ගාස්තු සංශෝධනය සිදුවනවානම් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රතිපත්තිය සංශෝධනය කර නව ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කල යුතු බවත් . තුන්වන ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවට විදුලිබල විෂය භාර ඇමතිවරයා මෑතකදී අවධාරණ කර සිටි බවද එම නිවෙදනයේ සදහන් කර තිබේ.
විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පනවා ඇති වගන්ති උල්ලංඝනය කිරීමට කිසිදු පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කල යුත්තේ පදනමක් නැති නීත්‍යානුකූල නොවන ගාස්තු යෝජනාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ලබන ජනවාරි මාසයේදී නියමිත ගාස්තු සංශෝධනය සළකා බැලීමයි බවද වැඩිදුරටත් එම නිවෙදනයේ සදහන් කර ඇත.