විදුලි බිල සියයට 75කින් ඉහළ දැමීමට පෙර අදාල තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (10දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විදුලි බිල ඉහළ දැමීමට ගත් තීරණය පිළිබඳ අවශ්‍ය නම් පැහැදිලි කිරීමක් කිරීමට හැකි බවත්, කථානායකවරයා විවාදයක් ලබා දෙන්නේ නම් ඊටද සූදානම් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊට පිළිතුරු ලබා දෙමින් පැවසීය.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට හැකි බව එහිදී අදහස් පළ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.