විදුලි ගාස්තු සංශෝදනයේ අවසන් මත විමසුම අදින් අවසන් විනි. ඒ් මෙම වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තුව 6.8 % ක් ඉහල නැංවීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් යොජනා කොට තිබීම හේතුවෙනි. 2025 ඔක්තොම්බර් මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුල විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 1,769ක් හිඟයක් ඇස්තමේන්තු කරතිබීම හේතුවෙන් එම හිගය පියවා ගැනීම සඳහා අදාල මිල වැඩිකිරීම ඔවුන් විසින් යොජනා කොට තිබිනි. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම පසුගියදා මහජන මත විමසීම ආරම්භ කරන ලදී.
එහි අවසන් දිනය වන අද දිනයේ බස්නාහිර පලාත් මහජන මත විමසුමද අද සිදුවිනි. එහිදී විවිධ පුද්ගලයින් රැසක් මහජන මත පළකරන ලදී. ඒ අතර ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද අදහස් දැක්වීමට එක්වී සිටියහ.
මහජන උපයෝගීතා කොමිසම ස්වාධීන කොමිසමක් උවද ඔබ ආයතනය මේවනවිට සිදුකල කාර්ය කුමක්දැයි ප්රශ්ණ කෙරිණි. තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ වර්ථමාන ජනාධිපතිවරයා තඹුත්තේගම ප්රදේශයේ අති දුශ්කර ගමක ඉපදුනු දරුවෙක් බවත් ඒතුමා වුවද දුප්පත් මිනිහෙකුගේ දුක හඳුනනේ නැතිනම් වැඩක් නැතිබව ප්රකාශකර සිටියහ.
ඉන්ද්රමූර්ති ජයසූරිය