අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේ වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය සියයට 18.3ක විදුලි ගාස්තු වැඩිවීමක් යෝජනා කළද මහජන උපයෝගීතා කොමිෂම එම තීරණය ඉවත දමමින් සියයට 15ක විදුලි ගාස්තු වැඩිවීමක් නිර්ද්ශ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලබා ගැනීමට නම් විදුලි ගාස්තුව අනිවාර්යයෙන්ම ඉහළ නැංවිය යුතු වෙයි.