කවුරුන් කුමක් කීවද විදුලි කප්පාදුවකට නොයන බවත් ඇතැම් අය විදුලි කප්පාදුවක් පිළිබඳව සිහන දකින බවත් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
"මම විදුලිබල ඇමති. අපි ආණ්ඩුවක් වශයෙන් පත්වුණේ, විදුලිය කප්පාදු කරන්න නොවෙයි. සමහරු හීන දකිනවා විදුලිය කප්පාදුවක් ගැන. 2005 සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට කිසිදු බලාගාරයක් හෝ ව්‍යාපෘතියක් එකතුවෙලා නැහැ. ඒ කාලසීමාව තුළ ආරම්භ කළ ව්‍යාපෘති නිම කරලත් නැහැ. ඒක විදුලිබල ක්ෂේත්රයට විශාල ගැටළුවක්.
මෙගාවොට් 32 ක් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය මෑතකදි අපි නිමකරලා ජනතා සේවයට කැප කළා. ඒ වගේම උමා ඔය ව්‍යාපෘතියත් ජනතා අයිතියට කැප කරන්න අපි කටයුතු කරගෙන යනවා. තෙල් වගේම ගල් අගුරු ගේන්න අපිට ගැටලු තිබෙනවා.
ජනාධිපතිතුමත්, මහා භාණ්ඩාගාරයත් ජනතා සුබසාධනය වෙනුවෙන් කැප වෙලා, ඒ වෙනුවෙන් මුදල් ලබාදීලා තිබෙනවා. කුමන ගැටලු තිබුණත් ජනතාව අදුරේ තියන්න අපි සූදානම් නැහැ. කව්රු මොනවා කිව්වත්, මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ"