.විදුලිබල ක්ෂේත්රය තුළ වසර ගණනාවක සිට බරපතල මාෆියාවන් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) ගාල්ලේදි පැවසිය. ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
“විදුලිය පිළිබඳ ප්රශ්නය එකපාරටම ආපු ප්‍රශ්නයක් නෙවෙයි. විදුලිබල ක්ෂේත්රයේ කටයුතු පිළිබඳ තාක්ෂණික අංශවල වසර ගණනාවක් තිස්සේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න විසදාගැනිමට නොලැබිමේ අවාසනාවන්ත තත්වය නිසා තමයි ජනතාවට කළුවරේ ඉන්න වෙලා තියෙන්නේ.
පුද්ගලික අංශය තාප බලාගාරවලින් විදුලිය ගන්නවා. මේ රටේ ජනතාව දන්නේ නැහැ විදුලි අර්බුදයක් නොමැති කාලවලදිත් පුද්ගලික අංශයෙන් විදුලිය ගැනිමට කෝටි බිලියන කියක් වැය වෙනවාද කියලා. දිර්ඝ කාලයක සිට පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න අතිවිශාල මුදලක් වැය කරනවා.
තිබු ප්‍රශ්න එකතුවෙලා, එකතුවෙලා ඇවිත් ඉතා නරක තැනකට ඇවිත් තියෙනවා. තෙල් අර්බුදය, ගල් අගුරු පිළිබද ප්‍රශ්න, ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙලා තියෙන තත්වයක්. තාක්ෂණික හා දේශාපලන අංශ ඒ අය සාකච්ඡා කරලා මේ ප්රශ්නය විසදලා ජනතාවට අවශ්‍ය සහන සුභසාධන පහුසකම් ලබාදිම තමයි වැදගත් වෙන්නේ."
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්, චන්දන සමරවික්‍රම