ඊච්චලම්පත්තුව පොලිස් වසමේ සූර්නගර් ප්රදේශයේ කුඹුරු ඉඩමක් තුලදී පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (01දා) විදුලිසැර වැදී ඊච්චලම්පත්තුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊච්චලම්පත්තුව පොලිසියට ලද පණිවිඩයක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
මියගිය අයවලුන් අවුරුදු 29 හා 47යන වයස්වල පසුවන සූර්නගර් ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම කුඹුරු ඉඩමේ හිමිකරු ඉඩම වටා අදින ලද අලිවැට අළුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී ඔහුට විදුලි සැර වැදී ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සහ කල දියණියගේ ස්වාමි පුරුෂයාටද විදුලි සැර වැදී ඇති බවට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීර ඊච්චලම්පත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ඊච්චලම්පත්තුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.