අනවසර විදුලි රැහැනක් භාවිතා කරමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අයෙකු අත්අඩංගුවට ගැනිමට අම්බලන්තොට පොලිසිය සමත්වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වල මාමඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඊයේ (25) අළුයම් කාළයේදී මෙම ඝාතනය සිදුවී ඇත. අම්බලන්තොට මාමඩල ප්‍රද්ශයේ නිවසක ගරාජයක නවතා තිබූ ත්‍රීරෝද රථයක බැටරියක් සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙකු නිවෙද් හිමියා විසින් අල්ලාගෙන සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා අම්බලන්තොට පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශණය ආරම්භ කර තිබිණ.
අදාළ නිළධෘරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ගරාජය අසල අත් පා ගැට ගැසූ පුද්ගලයෙකු බිම වැටී සිට ඇති අතර පසුව නිළධාරීන් විසින් මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමට සඳහා 1990 ගිලන්රථ සේවයට දැනුම්දීමෙන් පසු ගිලන්රථයේ පැමිණි හෙද නිළධාරියා විසින් මෙම පුද්ගලයා පරීක්ෂා කොට මියගොස් ඇති බවට තහවුරු කරඇත.
පසුව සිදුකළ විමර්ෂණයේදී මෙම නිවෙස්හිමියා විසින් ඔහුගේ ත්‍රිරෝද රථය සොරුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා එහි අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පසු මෙම පුද්ගලයා මෙම ස්ථානයේ වැටී ඇති බවත්, පසුව නිවෙස් හිමියා විසින් විදුලිය අක්‍රිය කොට මෙම පුද්ගලයාට යකඩ බටයකින් පහරදී අත්පා ගැටගසා ඇති බවටද අණාවරණය වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුද 49 ක් වූ අදාළ ලිපියනේ පදිංචි සැකකරු හා වයස අවුරුදු 44 ක් වූ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. මෙම අපරාධය සඳහා යොදා ගන්නා ලද විදුලි රැහැන හා පහරදීමට යොදාගන්නා ලද යකඩ බටයද පොලිසිය විසින් සොයාගෙන ඇත.