ඇමරිකාව ඉරානයේ නැව්ගත කිරීම් අවහිර කර ඇති හෙයින් ඉරාන නිලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ විදුලිය හා ගෑස් අඩුවෙන් පරිභෝජනය කරන ලෙසයි.
“වර්තමාන තත්වය තුළ, මහජන සහභාගීත්වය සහ පරිභෝජන කළමනාකරණය තුළින් රටේ බලශක්ති ජාලයට පීඩනය ඇතිවීම වැළැක්විය යුතුයි,” යැයි ඉරාන ජනපති පෙසෙෂ්කියන් පැවසීය.
“සරල ක්‍රියාමාර්ග” හරහා සමාජයට ඉන්ධන පරිභෝජනය අඩු කළ හැකි බව උප ජනාධිපති සාගාබ් එස්ෆහානි යෝජනා
කළේය.
“සෑම පුද්ගලයෙකුටම දිනකට ලීටර් එකහමාරක් අඩු පෙට්‍රල් පරිභෝජනය කිරීම ප්‍රමාණවත්” යැයි එස්ෆහානි පැවසූ බව ඉරානයේ මෙහර් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ එක්සත් ජනපද අවහිර කිරීම සහ අඛණ්ඩ ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානය සැලකිය යුතු ආර්ථික පීඩනයකට ලක්ව ඇත.