විදුලිය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 62ක ණය හා ප්‍රධාන
ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 35 ක සහනදායි ණය මුදලක් සමඟ යුරෝපා සංගමයෙන් (EU) යුරෝ මිලියන 5.4ක (අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 16.94 කට සමාන) ප්‍රදානයක් සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපාන අරමුදලින් (JFJCM) ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 5.5 ක ප්‍රදානයක් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පවත්වන ලදී.
බලශක්ති අමාත්‍යාංශය විසින්, සිමාසහිත ලංකා විදුලි බෙදා හැරීමේ (පුද්ගලික) සමාගම (EDL) සහ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) යන ආයතන සමඟ එක්ව, 2026 සිට 2030 දක්වා කාලය තුළ දැරිය හැකි පිරිසිදු බලශක්තිය සඳහා ප්‍රවේශය වැඩි කිරීමට රජය දරනු ලබන උත්සාහයන්ට සහාය වීම උදෙසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ EDL ආයතනයේ CEB Assist පද්ධතිය, උසස් මිනුම්කරණ යටිතල පහසුකම්, විකාශිත බලශක්ති සම්පත් කළමනා කරණ පද්ධතියක් සහ උසස් බෙදාහැරීම් කළමනා කරණ පද්ධතියක් මඟින් සහය දක්වන බෙදාහැරීම් පාලන මධ්‍යස්ථාන සමඟ වැඩි දියුණු කෙරේ. මෙම පද්ධති මඟින් EDL ආයතනයේ පාරිභෝගික සහ මෙහෙයුම් සේවා ඩිජිටල් කරණයට ලක් කිරීම මෙන්ම, බිඳවැටීම් වලට පසු විදුලි සැපයුම ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව හරහා ජාලයේ විශ්වාසනීයත්වය ද ඉහළ නංවනු ඇත. තවද, ස්මාර්ට් මීටර් සහ ඒවාට අදාළ යටිතල පහසුකම් මඟින් පුර්නජනනීය බලශක්තියේ භාවිතය පුළුල් කිරීම සඳහා අවශ්‍ය තත්කාලීන දෘශ්‍යතාව සහ පාලන හැකියාව සපයනු ලබන අතර, සූර්ය බල ශක්තියේ ප්රතිලාභ තවත් පිරිසකට ලබා දීමට ඉඩ සලසනු ඇත. ඒ අනුව EDL ආයතනය වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ තිරසාර ස්මාර්ට් විදුලි ජාලයක් ස්ථාපිත කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අථත්‍ය ශුද්ධ මිනුම්කරණ (Virtual Net Metering -VNM) ක්‍රම වේදය හඳුන්වා දෙනු ලැබේ. යුරෝපා සංගමයේ ප්‍රදානයකින් මූල්‍යමය වශයෙන් සහාය ලබන මෙගාවොට් 25ක සමුච්චිත හල මත සුර්ය විදුලි ජනන පද්ධති, රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විදුලි බිල්පත් බර අවම කිරීම සඳහා යොදා ගනු ඇත. මෙම පද්ධති නවීනතම පාලන තාක්ෂණයෙන් සමන්විත වන අතර, පවතින ජාල සීමාකාරී තත්ත්වයන්ට අනුකූලව ඒවායේ ජනනය ජාතික පද්ධති ක්‍රියාකරුට කළමනා කරණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
LECO ආයතනයේ සේවා ප්‍රදේශය තුළ VNM යෝජනා ක්‍රමයට අමතරව, බෙදා හැරීම් ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා අඩු පාඩු සන්නායක ස්ථාපනය කෙරේ. බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝමර් මට්ටමේ ස්ථාපනය කෙරෙන ඉහළ ධාරිතාවයකින් යුත් බැටරි බල ශක්ති ගබඩා පද්ධති මඟින්, ජාලයට පුර්නජනනීය බලශක්තිය සම්බන්ධ කිරීමේ ධාරිතාව වැඩිදියුණු කිරීම සහ එම බල ශක්තිය කළමනා කරණය කිරීමේ පාලන හැකියාව ශක්තිමත් කරනු ඇත. විශේෂයෙන්ම මීගමුව ප්‍රදේශය කෙරෙහි අවධානය යොමු කරමින්, LECO ආයතනය බලාපොරොත්තු වන්නේ වැඩි ධාරිතාවකින් යුත් වාණිජ හා කාර්මික විදුලි බර වලට ජාල සම්බන්ධතා පහසු කිරීම, පුනර්ජනනීය බල ශක්තිය වැඩි වශයෙන් අවශෝෂණය කරගැනීම සඳහා ජාලය ශක්තිමත් කිරීම සහ විදුලි සැපයුමේ නම්‍යශීලීතාව, ඔරොත්තු දීමේ හැකියාව සහ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමයි.
ඒ අනුව, අදාළ ණය සහ ප්‍රදාන ගිවිසුම් 2026 ඔක්තෝබර් 1 දින කොළඹ පිහිටි මහා භාණ්ඩාගාරයේදී අත්සන් තබන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් ද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂ ශැනොන් කව්ලින් මහත්මිය විසින් ද අදාළ ගිවිසුම් සඳහා අත්ද එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ දූත මණ්ඩලයේ හවුල්කාරිත්ව අංශ ප්‍රධානී ව ටිග් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි (අමාත්‍ය) නඔ ඩො මහතා ද සහභාගී වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
