විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් දෙපාර්තමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ එම දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන සෙලින්කෝ ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි කිරීමක් හේතුවෙනි.
එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර පවැතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එක් පාර්ශ්වයක් විසින් මෙසේ විදුලිය විසන්ධි කිරීමක් සිදුකර තිබේ.
විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් ජනතාව නොසන්සුන් වී තිබේ.