ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට සහ ස්වාධින බලශක්ති නිෂ්පාදකයින් වෙත රුපියල් බිලියන 14.3ක ණය මුදලක් 2024 වර්ෂයේ අවසානය වනවිට ගෙවිමට තිබු බැව් මුදල් ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ස්වාධින විදුලි සැපයුම්කරුවන්ගෙන් විදුලිය මිලදි ගැනිම සදහා ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන එක්ලක්ෂ,දොළොස්දහස් දෙසියහයක මුදලක් (112,206) වැයකොට තිබුණි.
මෙකි වාර්තාවට අනුව 2023 වර්ෂයේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට සහ ස්වාධින බලශක්ති නිෂ්පාදකයින් වෙත විදුලිබල මණ්ඩලය විසින් ගෙවිමට තිබු ණය මුදල රුපියල් බිලියන 85.5කි.
විදුලි ගාස්තු සංශෝධනයේ දි පිරිවැය ආවරණය වන ගාස්තු ක්රමවේදය ක්රියාත්මක කිරිමේ ප්රථිපලයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කළ ලාභය ගෙවිමට තිබු දිගු කාලින ණය පියවිම සදහා යොදාගැනිමට කටයුතු කරණු ලැබිය.මේ හේතුවෙන් 2024 වර්ෂය අවසානයේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට සහ ස්වාධින බලශක්ති නිෂ්පාදකයින් වෙත ගෙවිය යුතු ණය ප්රමාණය රුපියල් බිලියන 14.3 දක්වා අඩුවි තිබුණි.
ලලිත් චාමින්ද