දැනට සිදුකරන පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුව පැය දෙකකට, පැයකට අඩු කර ගැනීම ඉලක්කය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පැවැසිය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. සැමට සැම විටම නිවැරදි වෝල්ටීය තාවයෙන් විදුලිය සැපයීමට විදුලි බල මණ්ඩලය නීතියෙන් බැදී සිටින නමුත් දැන් එම ගිවිසුම කඩවී ඇති බවත් ඔහු පැවැසීය.
නිසි කලට විදුලි බලාගාර ඉදිනොකිරීම විදුලි අර්බුදයක් ඇතිවීමට හේතුව බවත් ඔහු සඳහන් කළේය. විදුලි අර්බුදය පැමිණීමට තිබුණේ 2018 වසරේදී වුවත් පාස්කු ප්‍රහාරය හා කොවිඩ් හේතුවෙන් ඒම තත්ත්වය වැසී ගිය බවද ඔහු පැවැසීය.
විදුලිය අලෙවි කිරීමෙන් ලැබෙන ආදාය බිලියන 277ක් වුවත් වියදම බිලියන 757ක් බවද ඔහු පැවැසීය. මේ අනුව සියයට 250කින් පමණ විදුලි බිල වැඩි කිරීමට සිදුවන නමුත් එවැනි දෙයක් සිදු නොවන බවත් ඔහු පැවැසිය.
විදුලි බිල වැඩිකිරිමක් සිදු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසිය.