විදුලියට වැඩිපුර ජලය දෙන්න හැකියාවක් නෑ
විදුලිය නිපදවීම වෙනුවෙන් වැඩිපුර ජලය මුදාහැරීමට අද (01දා) සිට හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි.
සැලකියයුතු වර්ෂාවක් ඊයේ සහ අද මහවැලි ගංඟා ද්‍රෝනිවලට බලාපොරොත්තු වූ නමුත් එම වර්ෂාපතනය මේ වෙනකොට උතුරු පළාත පැත්තට බරව තමයි ගමන් කරන බවත්, එම නිසා සාමාන්‍ය පරිදි විදුලිය නිපදවීමට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බවත් මහවැලි අධිකාරිය සඳහන් කරයි.
විදුලිය නිපදවීම සඳහා බලාගාර ආශ්රිත ජලාශවලින් වැඩිපුර ජලය මුදාහරින්නැයි මහජන උපයෝගීතා කොමිසම පසුගියදා මහවැලි අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබුණි.
popular news
-
Dayan Thursday, 02 February 2023 01:11 AM
Please release water for the benefit of AL student without playing political games.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

