විදුලිබිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළහොත් ජනතාව ඊට එරෙහිව ජනතාව සමග උද්ඝෝෂණයක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අගලවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට අද(12දා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අඩු කරන්න අවස්ථාව තිබියදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පූර්ණ කරන්න ඕනී කියලා විදුලිබිල වැඩි කරනවා කියලා ලොකු කතාවක් යනවා. මම ප්‍රාර්ථනා කරනවා විදුලිබිල අඩු වෙයි කියලා. ඒත් බැරිවෙලාවත් වැඩි විදුලිබිලකට මුහුණ දෙන්න සිදු වුණොත් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික ජනතාව විදුලිබිල අඩු කිරීම වෙනුවෙන් මහපාරය බස්වා උද්ඝෝෂණය කරවා විදුලිබිල අඩු කරන තත්ත්වයට මේ රජයට පීඩනයක් එල්ල කරන්නට අපි කටයුතු කරනවා. ”