නිවසක මාසික විදුලි බිල ගෙවීම සදහා දැනට ලබා දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 68 ක් බවත් මෙම වසරේදී දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කරන ලද අතර 2022 වසරේදී මසකට ඒකක 180 ක් පරිභෝජනය කරන ලද විදුලි පාරිභෝගිකයෙකුගෙන් විදුලි බිල සදහා අයකරනු ලැබුවේ රුපියල් 3,755.00 ක මුදලක් බවත් එම සංවිධානය පවසයි.
කෙසේ වෙතත් විදුලි ඒකක 180 ක් පරිභෝජනය කරනු ලබන විදුලි පාරිභෝගිකයෙකුට මේවන විට ගෙවීමට සිදුවන මුදල ආසන්න වශයෙන් රුපියල් 10,500.00 ක් බවත් එම මුදල විශාල මුදලක් වන අතර එම විදුලි ගාස්තුව ගෙවීම සදහා පාරිභෝගිකයෙකුට ලබා දී ඇති කාලය දින 40 ක් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ මුහුණදී ඇති ආර්ථික පරිහානිය නිසා පවුල් කුටුම්බියක ආදායම සැළකිය යුතු මුදලකින් වැඩි වී නැති අතර බොහෝ විට පවුලේ ආදායම තවත් අඩුවී ඇති බවත් 2022 ජනවාරි මාසයේදී විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයින් 253,465 ක් සදහා රතු නිවේදන නිකුත් කර ඇති බවත් එම ඒ අනුව රතු නිවේදන නිකුත් කිරීම 60% කින් වැඩි වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
මේ අනුව ජනතාවට විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විදුලි බිල කිහිපවතාවක් වැඩිකලද විදුලි බිල ගෙවීමට පාරිභෝගිකයාට ලබා දී ඇති කාලසීමාව වැඩි කිරීමට කිසිවිටකත් කටයුතු නොමැති හෙයින් එම කාලය දිගු කිරීමට කටයුතු කරන්නැයි එම සංවිධනය වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.