වර්තමානයේ රටේ පවතින විදුලි අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් තරඟකාරී ක්‍රමවේදයෙන් ඉවත්ව රටට ඩොලර් ගේනවා වෙනුවට තමන්ට ඩොලර් සොයා ගැනීමට විදුලිබල පනත හරහා කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
මෙහිදී සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත්, විපක්ෂයේ අනෙකුත් පක්ෂත් එකඟවෙන කාරණා තිබෙනවා. එකක් තමයි මේ රටේ පුණර්ජනනීය බලශක්තිය අපි ප්‍රවර්ධනය කරන්න ඕනී. අපි ඒකට පක්ෂයි. තාප බලාගාර, ඩීසල් බලාගාර, ගල්අගුරැ බලාගාර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන ඩීසල් මාෆියාවට අපි විරැද්ධයි. නමුත් මෙතන තිබෙන්නේ ඒ තර්කය නෙවෙයි. රටට පෙන්වන්න හදනවා තරගකාරීත්වය නැති කරලා පුණර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම තමයි අද රටේ අවශ්‍යතාවය කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
මේ උත්සහ කරන්නේ මේ අර්බුදයත් කේන්ද්‍ර කරගෙන තරඟකාරීත්වය ඉවත් කරලා කොහොම හරි ඩොලර් ටිකක් රටට හම්බ කරන්න නෙවෙයි තමන්ට හම්බ කර ගන්න. 2009-2013 ශ්‍රී ලංකා විදුලිබල පනතෙන් මොකක්ද තහවුරැ කළේ? තරඟකාරීත්වය. මේ තරඟකාරීත්වය හොඳ වෙන්නේ පිරිවැය අඩුවෙන නිසා. වියදම අඩුවෙනවා. රටට වාසියි. ජනතාවට වාසියි. තරඟකාරීත්වය නැති වෙනකොට දූෂිත මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා වැරදි විදියට කරැණු ඉදිරිපත් කරන්න එපා. අපි සූදානම් රටට පක්ෂව, වාසිදායකය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයන් වලට ප්‍රවේශ වෙන්න, යනුවෙන් සඳහන් කළේය.