තමන් විගණනයට සූදානම් බවත් සියළුම දේශපාලඥයන් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්රී මනුශ නානායක්කාර ප්රකාශ කරයි.
එමෙන්ම දේශපාලඥයන්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහල රාජ්ය නිලධාරීන් මෙරට සහ විදේශ රටවල තිබෙන සියලු වත්කම් විගණනයට ලක් කලයුතු බවත් ඔහු අවධාරණය කරනු ලබයි.
මෙන්ම මෙම සියලු පුද්ගලයින් විගණනය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ගනු ලබන ඕනෑම ඉදිරි පිවයරක් සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව තමන් සහය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.