වික්ටෝරියා වේල්ල මතින් සැහැල්ලු වාහන ධාවනය සඳහා අවශ්‍ය අවසරය ලබා දිය යුතු බවට වු යෝජනාවක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සම්මත වි තිබේ.
මහනුවර මසහියංගණය මාර්ගයේ මොරගහමුල සිට අධිකාරිගම දක්වා ප්‍රවාහන කටයුතු පහසුකිරීමේ අරමුණින් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක් අනුව කමිටුව මෙම තීරණයට එළැඹී ඇති අතර එහි අවසන් තීරණය ලබා ගැනීම සඳහා එම යෝජනාව මහවැලි සංවර්ධන අධිකාරිය භාර අමාත්‍යංශය වෙත යොමු කිරීමට ද කමිටුව තව දුරටත් තීරණය කර තිබේ.
වික්ටෝරියා වේල්ල මතින් වාහන ධාවනය කිරීම මේ වන විට ආරක්ෂක හේතු මත අත්හිටුවා තිබෙන බැවින් ප්‍රදේශවාසීන්ට කිලෝමීටර් 40ක පමණ අමතර දුරක් ගමන් කිරීමට සිදුව තිබේ. වික්ටෝරියා වේල්ල මතින් වාහන ගමනාගමනයට දැනට අවසර ලබා දී ඇත්තේ මහවැලි අධිකාරියේ සහ අවසර ලත් සැහැල්ලු වාහනවලට පමණි.
.
කමිටුව හමුවේ අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, බහුකාර්ය සංවර්ධන යෝජනාවක් වශයෙන් ඉදිවූ වික්ටෝරියා ජලාශය මහජන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ඉදිවූවක් මිස ජනතාවට තහනම් වූ ස්ථානයක් නොවිය යුතු බව පැවසුවේය.
වික්ටෝරියා ජලාශය මගින් ගොවිතැනට ජලය ලබා ගැනීම, ජල විදුලි උත්පාදනය ඇතුලු ඉල්ක්ක රැසක් අපේක්ෂා කරන බවත් එහිදී ජනතාවට ගමන් කිරීමට නොහැකි පරිදි වේල්ල තහනම් කලාපයක් බවට පත් කිරීමෙන් මුල් පදිංචිකරුවන් දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් ඒ මහතා කීවේය.
කමිටුවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා, ආරක්ෂා කිරීම යනු ස්ථානයක් කිසිදු පුද්ගලයෙකුට ඇතුල්වීමට නොහැකි පරිදි වසා දැමීම නොවන බවත් සාමාන්‍ය දෛනික ජීවිතයට විවෘත කොට ආරක්ෂාව තහවුරු කිරීම විය යුතු යැයි පෙන්වා දුන්නේය.
ෂේන් සෙනෙවිරත්න/මොහොමඩ් ආශික්