වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8න් 6ක් හයක් ස්වයංක්රීයව විවෘත වූ බව වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ප්රධාන ඉංජිනේරු වසන්ත ඇහැළ පිටිය මහතා පවසයි.
අද රාත්රී 07 සිට මෙම වාන් දොරටු 06 සවයංක්රීයව විවෘත වූ බව කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළ පිටිය මහතා පවසයි.
වික්ටෝරියා ජලාශයේ එම දොරටු 06 මීටරය බැගින් විවෘතව පවතින බවත් ඉන් තප්පරයකට ඝනමීටර් 671 ක් රන්දෙණිගල ජලාශයට මුදා හැරෙන බව ද ඒ මහතා පැවැසීය.
මෙම වාන් දොරටු විවෘත වූවා කියා ඉන් පහළ සිටින ජනතාව බියවිය යුතු නොමැති බව ඒ මහතා පැවසීය . මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ බසිමින් තිබෙන බවත් ඉදිරි කාලයේදී වාන් දොරටු දෙකක් ස්වයංක්රීයව වැසී යා හැකි බවද පැවසීය .
ෂේන් සෙනෙවිරත්න