මොරොන්තුඩුව මාවල ප්‍රදේශයේ අද (26දා) පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් රැගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් 8 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ වැන් රථ රියදුරු සහ ගෝනදූව සහ පරගස්තොට ප්‍රදේශයේ පිරිසක් බවත් තුවාල ලැබූවන් අතර කාන්තාවන් සිව්දෙනෙකු සිටින බවත් පොලිසිය කීය.
තුවාලකරුවන් 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට සහ ගෝනදූව ප්‍රාදේශීය රෝහලට යොමුකර ඇත.
වෑන් රථය මොරොන්තුඩුව දෙස සිට වාද්දුව දෙසට ගමන් කර ඇති අතර, මාවල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටී අසල නිවසක ආරක්ෂිත වැටක් ගලවාගෙන කාණුවකට වැටී නතර වී තිබේ.
පානදුර සුමිත් පොතුපිටිය / බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

