හැටන්- අවිස්සාවේල්ල මාර්ගයේ ගිනිගත්හේන, රංජුලාව ප්රදේශයේදී ඊයේ (17දා) රාත්රී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දක වැදී ඉන් අනතුරුව පෙරළී යාමෙන් සිදු වු අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.
තුවාල ලැබු පුද්ගලයන් තිදෙනා ප්රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කොට ඇති අතර, ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකුගේ පාදයක සහ අතක අස්ථි බිදී ගොස් ඇතැයි රෝහල් ප්රකාශකයෙකු කීය.
කරාපිටිය ප්රදේශයේ සිට තලවකැලේට පැමිණි පිරිසක් යලි කරාපිටිය බලා යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති අතර, රියදුරුට වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුව ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ



