කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නවයාලතැන්න ජම්බුගහපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන්ර ථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මාර්ගයේ ගමන් කරමින් සිටි උපකාරක පන්තියකට ගොස් පැමිණෙමින් සිටි 14 හැවිරිදි දියණිය සහ ඇයගේ 47 හැවිරිදි පියා වෑන් රථයට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව .තිබේ.
කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් කටුගස්තොට ජම්බුගහපිටිය ප්‍රදේශයේ මළ ගෙදරකට ඊයේ 10 සවස පැමිණ ඇති අතර එම මෘත දේහය නිවසට රැගෙවිත් නොතිබූ නිසා ගම්පොළ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී සවස 6.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
කටුගස්තොට නවයාලතැන්න සම්රුදේවි බාලිකා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන මධූෂී මේකලා ධනංජනා දියණිය උපකාරක පන්තියකට ගොස් ඇති අතර පියා ඇය එක් කර ගෙන එමින් සිටියදී පියා සහ දියණිය මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබ සිටි පියා සහ දියණිය කටුගස්තොට රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල පල්ලේගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිව සිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන අඹගහගෙදර රෝහණ ජයන්ත (47) නැමැති තිදරු පියෙකු සහ ඔහුගේ බාල දියණිය වන කටුගස්තොට නවයාලතැන්න සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන මධූෂී මේකලා ධනංජනා යන 14 හැවිරිදි දියණියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.
