කුඹුක්කන ප්රදේශයේ සිට මොනරාගලට ධාවනයවෙමින් තිබූ වෑන්රථයක් ඊයේ (01දා) සවස රියදුරුට නින්දයාම නිසා පාරෙන් ඉවතට පෙරළීමෙන් වෑන්රථයේ සිටි කාන්තාවක් බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර ලබන බැව් මොනරාගල පොලීසිය පවසයි.
වෑන්රථයේ රියදුරු ලෙස කටයුතුකර ඇත්තේ තුවාල ලැබූ කාන්තාවගේ සැමියාය. ඔවුන් දෙදෙනාම මොනරාගල මහ රෝහලේ සේවයකරන අයයි.
මොනරාගල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති එච්.එම් සෙනවිරත්න මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක