වැහෙන්න ගිය පාසල බේරාගත් වීර ආදි සිසුවා
සිසු ඝනත්වය අඩුවී වැසීයාමේ දැඩි තර්ජනයකට ලක්ව තිබු තමන් අධයාපනය ලැබු පාසල වන ඇල්පිටිය අධයාපන කලාපයට අයත් හිපන්කන්ද විදයාලය එයින් මුදවා ගැනීමට රුපියල් මිලියනයක් වැය කිරීමට ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්රදේශයේ පදිංචි සමන් ප්රියන්ත විජේවිකම මහතා පියවර ගත්තේය.
සිසුන් පනහට අඩු පාසල් වසා දැමීමට රජය ගත් තීරණය අනුව ගිය වසරේදී(2025)සිසුන් පනහට අඩුවෙන් සිටි හිපන්කන්ද විදයාලයද මේ වසරේ (2026) වසා දැමීමට ඇල්පිටිය අධයාපන කලාප කාර්යාලය පියවර ගෙන තිබුණේය.
එම විදයාලයේ විදුහල්පති කමල් ශී ලියනගේ මහතාගේ මාර්ගයෙන් මේ විදයාලයේ ආදි ශිෂයකු වන හිපන්කන්ද ගමේ පදිංචි සමන් පියන්ත විජේවිකම මහතාට මේ දුක් මුසු පුවත දැන ගන්නට ලැබිණ.තමා ඉගෙන ගත් පාසල වසා දැමීම නොඉවසූ ඔහු මේ වෙනුවෙන් තමාට කළ හැකි දෙයක් ගැන සිතුවේය.ඒ අනුව ඔහුගේ සිතට පැන නැගුණේ 2026 වසරට හිපන්කන්ද විදුහලේ එක වසරට ඇතුළත් වන සියලුම දරුවන්ට අවශය පොත් පත් පාවහන්,පොත් බෑග් ඇතුලු සියලුම දේ ලබාදීමට සමන් පියන්ත විජේවිකම මහතා කරඋර දුන්නේය.එපමනක් නොව එම විදයාලයේ ඉගෙනුම ලබන අනෙක් පංතිවල ඉගෙනුම ලබන සිසුසිසුවියන් වෙනුවෙන්ද ඔහු මේ සත් කාර්යය කිරීමට පියවර ගත්තේය.
මේ පනිවිඩය හිපන්කන්ද ගම පුරාම පචලිත වීමත් සමගම මේ විදුහලේ එක වසරට සිය දරුවා ඇතුළත් කිරීමට එම ගමේ දෙමාපියෝ පියවර ගත්හ.ඒ සමගම මේ වසරේ එම විදයාලයේ පළමු වසරට සිසුන් තිහකට ආසන්න සිසුන් සංකයාවක් බැදුණාහ.එමෙන්ම එම පාසලෙන් ඉවත්වී වෙනත් පාසල්වලට යාමට අපේක්ෂාවෙන් සිටි සිසුන්ද පාසලෙන් අස්නොවී එම පාසලේම රැදුණහ.එම කියාවත් සමගම සිසු සංකයාවත් වැඩිවීමත් සමගම හිපන්කන්ද විදයාලයේ සිසු ඝනත්වය පනහේ සීමාව පැන්නේය.එයින් අනතුරුව පාසල වැසීයාමෙන් තර්ජනයෙන්ද මිදුණේය.
මේ විදුහලේ ඉගෙනුම ලබන සියලුම සිසුසිසුවියන්ට තමන් අධයාපනය නිමකරන තෙක්ම ඔවුනට අවශය පොතපත,පෑන පැන්සල මෙන්ම පාවිච්චි කිරිමට නොහැකි වන තෙක් පයෝජනයට ගත් පාවහන්,පොත් බෑග් ද අලුතින් යළි නොමිලයේ ලබාදීමට ද සමන් පියන්ත විජේවිකම මහතා පියවරගෙන තිබීම මේ සත් කාර්යයේ ඇති තවත් විශේෂත්වයකි.
එමෙන්ම මේ විදුහලේ සේවය කරන සියලුම ගුරුවරුන්ට ද නිල ඇඳුමක් නොමිලයේ ලබාදීමටද සමන් පියන්ත මහතා මෙදින කටයුතු කළේය.
සමන් පියන්ත විජේවිකම මහතාගේ මේ සත් කාර්යය නිසා හිපන්කන්ද විදුහලේ එක වසරට ඇතුළත්වූ සිසුසිසුවියන්ට මෙන්ම එම පාසලේ අනෙක් පංතිවල ඉගෙනුම ලැබූ සිසුසිසුවියන්ට පොත්පත්,පාවහන්,පාසල් පොත් බෑග්,වතුර බෝතල් ආදී පාසල් උපකරණ බෙදාදීම ඇල්පිටිය අධයාපන කලාප අධයක්ෂක පුබුදු මලවලාඅරච්චි , සමන් පියන්ත විජේවිකම යන මහත්වරුන් දෙදෙනාගේ පධානත්වයෙන් හිපන්කන්ද විදුහල් පධාන ශාලාවේදී පැවැත්විණ.
මේ සත් කාර්යයේ උත්සව කටයුතු ඌරගස්මංහන්දිය සී.එස්.ටී.අයි.බියුරෝ ආයතනයේ අධයක්ෂිකා ජයනි අංජුලා හෙන්දවිතාරණ මහත්මිය එම ආයතනයේ කළමණාකරු නුවන්ත මෙන්ඩිස් මහතා ඇතුලු සේවක,සේවිකාවන් විසින් මනාවට සංවිධානය කොට තිබිණ.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇල්පිටිය චන්දසිරි ගුණසේකර



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
