දැනට භාවිතයට නොගන්නා නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භකිරීම සදහා වන මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (22) පැවැත්විය.
ඒ අනුව, සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයට නව තාක්ෂණය මුසු කරමින් නවීන ලෝකයට ගැලපෙන පරිදි මෙම නිෂ්පාදන සකස් කිරීමට නියමිතව පවතින අතර, එය දේශීය මෙන්ම විදේශීය වෙළදපොලට කිතුල් ආශ්රිත අතුරු නිෂ්පාදන ලෙස කිතුල් චොකලට්, තෙලිදිය පානය, දඹදිය ශක්ති ජනක පානය ඇතුලු නිෂ්පාදන රැසක් ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය වසර 05ක ආයෝජන සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සහ GREEN GLOBE ORGANICS පෞද්ගලික සමාගම එක් ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර සදහා රුපියල් මිලියන 100 ක පිරිවැයක් දැරීමට නියමිත අතර ව්‍යාපෘතිය සදහා තෙවන පාරශවීය ආයෝජනයෙකු විසින් රුපියල් මිලියන 67 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිත අතර, මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ සාම්ප්‍රදායික කිතුල් නිෂ්පාදන නවීන ලෝකයට ගැලපෙන සේ සංවර්ධනය කරමින් ජාතිය ආර්ථිකයට මෙන්ම කිතුල් ගොවීන්ට මෙම ව්‍යෘපෘතිය මගින් අත්වන ප්රතිලාභ සුවිශේෂී බවත්, අපගේ සාම්ප්‍රදායික කර්මාන්ත රැකගැනීම සිදුකල යුක්තක් බවත් ය.
