ප්‍රදේශ රැසකට බල පෑ තද වැසි සහ සුළං සහිත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 2,672 කට අයත් 12,326 දෙනක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.