වැසි තත්ත්වය අගෝස්තු 10 වනදා දක්වා
එල්නිනෝ සහ වායුගෝලීය කැළඹිලි හේතුවෙන් නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වීමෙන් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට සහ කඳුකර ප්‍රදේශවලට තද වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවත්, ජපානය ආසන්නයේ හටගන්නා චක්රවාටයක බලපෑම නිසා මෙම තත්ත්වය අගෝස්තු 10 වනදා දක්වා පවතිනු ඇති බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා පවසයි.
උපරිම වශයෙන් අගෝස්තු 6 වෙනිදා වෙනකම් මෙහි වර්ධනයක් දැකිය හැකි බවත් ඉන්පසු අගෝස්තු 7, 8, 9 යන දින කිහිපයේදීත් මේරට තොරතුරු සහ දත්ත අනුව මෙම වර්ෂාපතනය සුළු වැඩිවීමක් ඇති විය හැකි බව පෙන්වා දෙයි. නමුත් මේ තත්ත්වය අගෝස්තු 10 වෙනිදායින් පසුව අවම වී යනු ඇතැයි විශ්වාස කෙරේ.
අගෝස්තු 15 වනදා සිට සංවහන වැසි තත්ත්වයක් ඇති වන අතර, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා දහවල දැඩි උණුසුමකුත් රාත්‍රියට අකුණු සහිත වැසිත් අපේක්ෂා කළ හැක. එසේම, නොවැම්බර් මාසයේ ආරම්භ වන ඊසානදිග මෝසම සමග දැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
මේ අතරතුර මුහුදේ පවතින අධික කැළඹිලි ස්වභාවය සහ පැයට කිලෝමීටර් 70-80 දක්වා හමන තද සුළං හේතුවෙන් ධීවර ප්‍රජාව ආරක්ෂිත පියවර ගත යුතු අතර, තෙත් කලාපයේ, කඳුකරයේ සහ වෙරළබඩ දිස්ත්‍රික්කවල වැසියන් ගංවතුර හා නායයෑම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. නුවරඑළිය ආසන්නයේ දැඩි මීදුම් තත්ත්වයක් පැවැතිය හැකි බැවින් සහ කඳුකරයේ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින්, පාසල් චාරිකා යාමෙන්, දියඇලිවල නෑවීමෙන්, නුහුරු මාර්ගවල රාත්‍රී ගමන් බිමන් යාමෙන් සහ ගංවතුර නැරඹීමට යාමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් තදින්ම පිළිපදින ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
D.N. අභයවර්ධන.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
