හෙට (අප්‍රේල් මාස 02) දින සිට ඉදිරි දින කිහිපයේදි දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි පැය 36 සඳහා වන නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ හා උතුරු-මැද පළාත්වල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
බස්නාහිර, මධ්‍යම ස සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50
ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාර, මඩකලපුව හා ම්බන්හතාට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකි යැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.