වැසිකිලියක් නැති සංචාරක පුරය
ලෝක ප්‍රකට සංචාරක පුරවරයක් වන බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල නගරයේ පොදු වැසිකිලියක් , පානීය ජල කරාමයක් හා මළ අපද්‍රව්‍ය පවාහන කානු පද්ධතියක් නොමැති බව පැවසුවහොත් ඔබත් පුදුම වේවි .
සත්‍යය නම් එයයි මේ තත්වය නිසා විදෙස් සංචාරකයන් පමණක්නොව විශාල වශයෙන් පැමිණෙන දේශීය සංචාරකයන් මෙන්ම කුලිරථ රියදුරන් ත්‍රීරෝදරථ රියදුරන් පොලිස් නිලධාරින් කුඩාපරිමාන වෙළදදසැල හිමියන් ඇතළු බොහෝ ජනයා දැඩි දුෂ්කරතාවයකට පත්වසිටිති .
නිසි මළ අපවහන පද්ධිතයක් නොමැති කම නිසා අතැම් ව්‍යාපාරිකයන් වැසිකිලි කානුවලට මුදාහැරිමෙන් සෞඛ්‍ය තර්ජනයක්ද ඇතිවී ඇතැයි සෞඛ්‍ය බලධාරිහු පෙන්වාදෙති '
වසරගනණකට පෙර අපකල හෙලිදරව්වක් නිසා තාවකාලික වැසිකිලි දෙකක නිර්මණයකර තිබුනත් එය ඉතා අහිතකර තත්වයක් පවතින බවද අප පසුව අනාවරණයකළෙමු .
ඉන් පසු ප්‍රජා ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් විසින් අංග සම්පූර්ණ පහසුකම් සහිත වැසිකිලි පද්ධයක ඉදිරිකිරිම ආරම්භ කළ නමුත් මේ වන විට එයද අතරමග නතරවී තිබේ .
මේ පිළිබදව අප ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මාලක ප්‍රභාත් මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම නව වැසිකිලි ඉදිකිරීම් ව්‍යාපෘතිය ද මේ වන විට නතරවි ඇති අතර දෙසේ විදෙස් සංචාකරයන් මෙන්ම නගරයේ විවධ වෘත්තියකයන්ද දැඩි දුෂ්කර තාවයකට පත්ව ඇතිබවයි .
මෙම ව්‍යාපෘතිය ඉක්මනින් අවසන්කර දෙනලෙසට තමන් අදාල ව්‍යාපෘතියෙන් අවස්ථා කීපයකදී ඉල්ලා සිටි බවත් එසේ කළ නොහැකි නම් එය ප්‍රාදේශීය සභාවට පවරා දුන හොත් ප්‍රාදේශීය එහි ඉදිරි කටයුතු නිමකළ හැකි බවත් සභාපතිවරයා පැවසීය .
මල අපද්‍රව්‍ය - ජල අපවහන පද්ධතියක අවශ්‍යතාවය හෙතෙම අවධාරණය කළේය .



popular news
-
Kumar Tuesday, 07 March 2023 04:18 PM
sucharakayo kola rolak argeneda lankawe wasikiliwalata yanne. atha sodaganna wathura awahsyayi
Reply : 0 0
janahitha Wednesday, 08 March 2023 03:52 AM
oya thiyena vala madayi kanna baonna nthiva indadi vasikili hoyanava sariravala mala nathiva thiyeddi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

