අයහපත් කාලගුණ තත්ත්වය සමග අද 27 උදෑසන වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හයක සිදුවූ නායාම්වලින් මේ වන විට පුද්ගලයන් දහ නමයක් (19) මරණයට පත්ව ඇති බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ.එම් එල් උදය කුමාර මහතා පැවසීය.
තවත් පුද්ගලයන් 11 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වන බව ද ඒ මහතා පැවසීය. අවදානම් ස්ථානවලින් ඉවත් වී තම ජීවිත ආරක්ෂා කර ගන්නා ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහජනතාවට දැනුම් දී තිබේ. අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් පුළුල් ලෙස දියත් කරමින් සිටි. තුවාල ලැබූවන් සංඛ්‍යාවද 11ක් වෙයි.