වැස්ස දවස් 4කට අඩුවෙයි
පවතින තදවැසි තත්වයේ තාවකාලික අඩු වීමක් මේ මස 15 වැනි දින සිට 18 වැනි දින දක්වා කාලය තුළ බලාපොරොත්තුවන බවත්, ඉන් පසුව යළි සවස් කාලයේ වැසි ඇකිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වායු ගෝලයේ පවතින කැලඹිලිකාරී ස්වභාවය නිසා කෙටි කාලයක් තුළ වැසි තත්වයේ වෙනස් වීම මේ දිනවල සිදුවිය හැකි බවත්, අන්තර් මෝසම් තත්වය පවතින නිසා තදවැසි අඩු වුවත් සවස් කාලයේ වැසි ඇතිවන බවත් නියෝජ්‍ය අධ්යක්ෂ(අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.
අන්තර් මෝසම් තත්වය මේ මස අවසන් වන තෙක් පැවතිය හැකි බවත්, දෙසැම්බර් මාසයේදි ඊසාණ දිග මෝසම් සුළං ඇතිවිය හැකි නිසා ලබන මාසයේදීද සමහර ප්‍රදේශවලට වැසි ඇතිවන බවත් හෙතෙම පවසයි.
අද(13දා) උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර, මධ්‍යම,සබරගමුව,දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.
බස්නාහිර සහ දකුණු පළාත්හි වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවත්,
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් හෙතෙම දැනුම් දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

