දිවයින පුරා දැනට පවතින් වැසි තත්ත්වය ඉදිරි දින් කිහිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද දිනයේදී උතුරු හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවලද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු හා දකුණු පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.