වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව්, ජලාශ අමුණු, ආශ්‍රිතව අනවසර ඉදිකිරිම් හෝ අනවසර වගා කිරිම් 619ක් හදුනාගෙන ඇති බැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවුවද මෙකි අනවසර ඉදිකිරිම් සම්බන්දයෙන් වාරිමාර්ග ආඥා පනත හෝ රජයේ ඉඩම් පනත ( සන්තකය ආපසු ගැනිම) යටතේ පවතින ප්‍රතිපාදනයන්ට අනුකුලව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර නොතිබු බව විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැව්, ජලාශ හා අමුණු සංඛ්‍යාව 387කි. ඉන් 251 රක්ෂිත සිමා පිළිබද විස්තර දක්ව නොතිබුණි.
එමෙන්ම 2024 වර්ෂයට අදාළව වැව්, අමුණු හා ජලාශ පිළිබද රක්ෂිත සිමා ඇතුළත් තොරතුරු විගණනය මගින් ඉල්ලා තිබු අතර එහෙත් රක්ෂිත සිමා පිළිබද විස්තර නොමැතිව තොරතුරු ඉදිරිපත් කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. මේ වනවිට වාරිමාර්ග අමාත්‍යංශය විසින් වැව්, අමුණු හා ජලාශ ආශ්‍රිතව රක්ෂිත මායිම් සලකුණු කිරිමේ කටයුතු සිදුකරමින් පවතින බව එම අමාත්‍යංශය පවසයි.