වැව් රක්ෂිත රජය විසින් මායිම් සලකුණු කළද ඒවායේ ඇති ගොවිතැන්, පදිංචි අය, ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් ඒවා විධිමත් අයුරින් එම අයටත් නැවත ලබාදීම සහ ඉවත් කළ යුතු අයට වෙනත් විකල්ප ස්ථාන ලබාදීම සඳහා රජයේ අවධානය යොමුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල මහතා 27 දින පැවසීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින මාතලේ දිස්ත්‍රික්කයේ වෑමැඩිල්ල ජලාශයේ සහ දේවහුව ජලාශයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම 27 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් වෑමැඩිල්ල ජලාශයේදී සිදුකෙරිණි.
දඹුල්ල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ගොවි සංවිධාන එක්ව මෙය සංවිධානය කොට ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වීම විශේෂත්වයෙකි. මෙහිදී වාරිමාර්ග නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරිය එක්ව සිටීම විශේෂත්වයකි.
වාරි මහිමය අපේ උරුමය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෑ මැඩිල්ල හා දේවහුව ජලාශයන්හි වැව්රක්ෂිත සීමා ලකුණු කිරීම හා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘතිය ලෙස මෙය නම් කොට තිබිණි.
මෙම ස්ථානයේ ගොවීන් බොහෝ දෙනෙකුගේ බරපතල ප්රශ්නය බවට පත්ව තිබුණේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශීය ලොකුළුණු අස්වැන්නට සාධාරණ මිලක් ලබා නොදීම සහ ගොවීන්ගේ ඉල්ලීමට රජය අවධානය යොමු නොකිරීම වීම විශේෂත්වයකි.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතාගෙන් මාධ්‍යවේදීන් මාතලේ දිස්ත්‍රික්කයේ දේශීය ලොකු ලූණු ගොවීන්ගේ අස්වැන්නට මිලක් ලබා දෙන්නේ කෙසේදැයි විමසීමේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ රජයන් විසින් ගත් ප්‍රතිපත්ති තීන්දු තීරණවල යම්කිසි අඩුපාඩුවක් පැවැති බවය එම අඩුපාඩුව නිහතමානීව පිළිගැනීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.
දේශීය ලොකුළුණු අස්වැන්න වෙළඳපලට එන අවස්ථාවේදී විදේශීය ලුණු සදහා බදු මුදල් පැනවීමක් සිදුකළේ නම් දේශීය ලොකු ලුණු ගොවියාට සාධාරණයක් ඉටුවන බවය . එහෙත් රජය දේශීය ලොකු ලුණු ගොවියාත් පාරිභෝගික ජනතාවක් ආරක්ෂා කර ගෙන මේ ගමන ගිය නිසා මේ මොහොත නිසා එය අසාර්ථක වූ බවය.
කෙසේ වෙතත් විදේශීය ලොකුළුණු විශාල වශයෙන් ව්‍යාපාරිකයන් ගෙන්වීමෙන් පසුව රජය බදු පැනවීම සිදුකළ බවත් මේ වන විට එම වාසිය ද පෞද්ගලික වෙළෙන්දන් හට ලැබීමේ තත්ත්වයක් පවතින බව සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේදී මෙවර වගාකළ දේශීය ලොකු ලූණු ගොවියාට සාධාරණයක් ඉටු කිරීම සඳහා දේශීය ලොකු ලූණු අස්වැන්න රජය සතොස සමගින් මිලදී ගැනීම සඳහාත් එසේත් නොවන්නේ නම් දේශීය ලොකුළුණු ගොවියාට රජයෙන් වන්දි මුදලක් ලබාදීම සඳහා මේ වන විට රජය සාකච්ඡා පවත්වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ලොකු ලුණු ගොවියාට සාධාරණයක් සිදුකරන බව ඔහු පැවසීය. එමෙන්ම වැව් රක්ෂිත මායිම් කිරීමේදී එහි පදිංචිකරුවන්ට වගාකරුවන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් කුඩා පැල්පත්වල සිටින පදිංචිකරුවන්ට විකල්ප ස්ථාන ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට තමන් උත්සහා කරන බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් සංචාරක හෝටල් සහ විශාල ගණයේ හෝටල් මෙම වැව් රක්ෂිතවල පිහිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී කියා සිටියේ සංචාරක හෝටල් හෝ මහා පරිමාණ ව්‍යාපාර ස්ථාන ආරක්ෂා කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.
එම අයටද විකල්ප ස්ථාන ලබාදීම හෝ එම ස්ථාන ඔවුන්ට යාපාර පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පරිසරය රජය සූදානම් කරන බවත් වැව් රක්ෂිත මායිම් කිරීම තුළින් ජනතාවට ගොවීන්ට ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් සිදු වන්නට ඉඩ නොතබන බව ඔහු සඳහන් කළේය.