කළු ගගේ වැලි ගොඩදැමීමට ගිය පුද්ගලයෙකු අද (04දා) අලුයම දියේගිලී අතුරුදහන්ව ඇති බවට ඇති පැමිණිල්ලක් අනුව විමර්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ දියේගිලී අතුරුදහන්ව ඇත්තේ කළුතර , නාගොඩවත්ත ප්රදේශයේ පදිංචිව සිටි ක්රිෂාන්ත නොහොත් ඩගී නමැත්තකු බවද පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා සමගින් වැලි ගොඩදැමීමේ නියුතුව සිටී කළුතර දකුණ, ගොඩපරගහහේන ප්රදේශයේ පදිංචි ගල්වඩුගේ සුගත් නමැති පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි .
කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.
පානදුර සුමිත් පොතුපිටිය