මුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, මහබාගේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු ඉන් පලා ගොස් ඇති බවත් පලා යමින් සිටි එක් නයිජීරියානු ජාතිකයකු පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වු බවත් මහබාගේ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණතුංග මහතා ප්‍රකාශ කලහ.
ගල්උඩුපිට පාර වැලිසර රාගම පිහිටි ආපදා කලමණාකරණය මධ්‍යස්ථානයට අයත් රැදවුම් කදවුරේ අධිකරණ නියෝග මත රදවා සිටි නයිජීරියානු ජාතිකයින් පිරිසක් මෙලෙස පලා ගොස් ඇත. මුල්‍ය වංචාවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ සිට වැලිසර රැදවුම් මධ්‍යස්ථානය ට ගෙනැවිත් සිටි අධිකරණයේ විභාග වන නඩුවකට අදාල රැදවියකු එහි සිටි තවත් රැදවියකු සමග ඉකුත් 14දින කදවුරෙන් පැන පලා යමින් සිට ඇත.
චයිමේසී ජස්ටීන් නැමති රැදවියා තවත් රැදවියකු සමග මෙලෙස පලා යමින් සිටියදී මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් ගමන් කරමින් සිටි පොලිස් ත්‍රීරෝද රථය ට අත දමා ඇත්තේ එය කූලී ගමන් යන ත්‍රිරෝද රථයක් යැයි සිතමිනි. එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ සිටි උප පොලිස් පරික්ෂක වනිගසිංහ මහතා ඇතුළු නිලධාරීන් ට මොවුන් පිළිබඳ ව ඇති වු සැකය මත ඔවුන් පරීක්ෂා කිරීමට සුදානම් වු මොහොතේ ඔවුන් අතරින් එක් අයෙකු පලා ගොස් ඇති බවත් අනෙක් සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වු බවත් පොලිසිය පැවසීය.
පසුව ආගමන විගමන නිලධාරීන් ගේ ප්‍රකාශ ලබාගෙන අත් අඩංගුවට ගත් සැකකරු වත්තල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝබර් මස 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල බව ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණතුංග මහතා පැවැසීය.
පසුව අදාළ කදවුරේ රැදවියන් ගැන සොයා බැලීමේදී තවත් නයිජීරියානු ජාතික රැදවියන් තිදෙනකු වැලිසර රැදවුම් මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති බව අනාවරණය වු බව පොලිසිය පැවසුවේය. මෙලෙස පලාගොස් ඇත්තේ ඉනසන් ඔඩෝ, ටයිටස් එමේකා, උල්ලාවා පීටර් නැමැති රැදවියන් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. පලාගිය සැකකරුවන් සොයා පොලීසිය හා ආගමන විගමන නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.