වැලිසර නාවික සෙබලුන් 08ක් හා පවුලේ සාමාජිකයින් පි.සි.ආර් පරික්ෂණයට
වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවෙස්වලට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 08 දෙනෙකු හා එක් නාවික සෙබලකුගේ පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට අද (25) දින ලක්කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
නාවික සෙබලුන් 08 දෙනාගේ හා පවුලේ සාමාජිකයින් 04 දෙනාගේ සාම්පල් පි. සි.ආර් පරික්ෂණ සදහා ලබාගත් බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. නිවාඩු ලබා නිවෙස්වලට පැමිණි මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පදිංචි නාවික සෙබලුන් කිහිප දෙනෙකුගේ සාම්පල් පි.සි.ආර් පරික්ෂණ සදහා අද දින ලබා ගැනිමට නියමිතව තිබු බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
මෙකි පි. සි ආර් පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකෙරේ. නිවාඩු ලබා පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ නාවික සෙබලුන් 08 දෙනෙකු ඊයේ (24) දින ද පි. සි.ආර් පරික්ෂණයට ලක්කල අතර ඔවුන්ගෙන් කිසිදු අයෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

