වැලිවේරිය පොලස් වසමේ ඇඹරලුව පාර ජුබිලි කණුව ප්ර දේශයේදී අද පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් යතුරු පැදිය එම ස්ථානයේ දමා කුඩා ලොරි රථයකින් පැන ගොස් තිබේ.
උඩුගම්පොල මාදෙල්ගමුව ප්ර දේශයේ පදිංචි පුද්ගලයෙක් මෙම වෙඩි ප්රහාරයට ලක්ව ඇති අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.