වැලිගම සභාපති ඝාතනය ගැන කණ්ඩායම් හතරකින් පරීක්ෂණ වැලිගම සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ කණ්ඩායම් හතරක් යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ලර් මහතා පැවැසීය.
මෙම වෙඩි තැබීම සඳහා කුඩා අවියක් භාවිත කර ඇති බවත් උණ්ඩ හරතක් ඒ සඳහා යොදාගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය. එසේම මෙම ඝාතනය ගැන මහජනතාවගෙන් තොරතුරු හා මග පෙන්වීම් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.