වැලිගම හෝටලයක් අසළ අද අලුයම පොලිසිය හා අපරාධකරුවන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් සාජන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් අද අලුයම මෙම වැටලීමට එක්ව තිබෙන අතර එහිදී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබේ.
දකුණු පළත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.