වැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ ඉගෙනුම ලැබූ රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
ඔවුන් අතර මරණ දඩුවම නියම වූ 43 හැවිරිදි රැඳවියා විශිෂ්ට සම්මාන 4 ක් සහ සම්මාන සාර්ථකයක් ලබාගෙන ඇති බවත්, වසර 25 ක සිරදඩුවමක් විදින 52 හැවිරිදි රැඳවියෙකු විෂයයන් පහටම විශිෂ්ට සම්මාන ලබාගැනීම විශේෂ බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.
අනෙක් රැඳවියන් දෙදෙනා ද විශිෂ්ට ලෙස සමත්ව ඇති බව ද ඒකනායක මහතා පැවසීය.