වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල කලාපය දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්
වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට හෙට(02දා) සිට පත්කිරිමට තිරණයට කල බව වැල්ලවාය ප්රාදේශිය සභාවේ සභාපති ආර් ඩි හරමානිස් මහතා අද පුවත්පතට පැවසීය.
ගතවු මාස හතරක පමණ කාලය ඇතුලත පුද්ගලයින් හත්දෙනකු මෙම ඇල්ලේවල දිය ඇල්ලේ දියේ ගිලි මියගිය බවත් අද (01දා) තවත් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මියයාම අතිශයෙන්ම සෝචණිය සිදුවිමක් බවත් පවසන ඒ මහතා දිය ඇල්ලේ දිය නෑම තහනම් කර තිබියදි මෙම සිදුවිම් සිදුවි ඇතැයි කියා සිටි.
වැඩිදුරටත් අදහස් දක්වන සභාපති වරයා මෙසේද කීය.
පසුගිය වසරේ මෙම ඇල්ලේ දිය නාන්ට පැමිණි තරුනයෙක් හා එකම පවුලේ දරුවන් දෙදෙනෙකු පියෙක් ජිවිතක්ෂයට පත්වුනා . ඒ සමගම අපි පරිසර කමිටුවේ තිරණයක් ලෙස මෙම ස්ථානයේ දිය නෑම සම්පුර්ණයෙන්ම තහනම් කරලා දැන්විම් සවිකළා. බැනර ගැහුවා . නමුත් ඒවා ගනන් නොගත් පිරිස් විහින් අමාරුවේ වැටුනා. ඊට පසුව කම්බිවැටක් ගැහුවා . ඇතැම් පුද්ගලයින් කම්බිවැට ගහපු එක විවේචනය කළා. වැට පෙරලලා තිබුනා . ඒ නිසා මේවෙනකොට මම තිරණය කරලා තියෙනවා ඉදිරිකාලයේ ඇල්ලේවල ආශ්රිතව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය වෙන නිසා ඒ කටයුතු අවසන් වනතුරු ඇල්ලේවල සම්පුර්ණයෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් කලාපයක් බවට පත්කරන්න යැයි කියා සිටියේය.
වැල්ලවාය අයි ආර් ඉන්දික




popular news
-
janahitha Wednesday, 02 March 2022 08:47 AM
nala pirisdu vela marunath mokada kiyala sithenne theluth naha gas naha light naha thavath kumatada nona inne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

