දිය නෑම තහනම් කර තිබියදීත් තහනම නෙතෙකා වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දියනෑමට ගිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනකු එම දියවලේ ගිලි මියගොස් සිටියදි අද (01දා) දහවල් වැල්ලවාය පොලිසිය බුත්තල කොට්ඨාශ ජිවිතාරක්ෂක කණ්ඩායමේ සහයෙන් සොයා ගන්නාලදි.
මෙසේ දියේ ගිලි මියගෙසේ ඇත්තේ කාත්තන්කුඩි මඩකලපුව පදිංචි මෙවර උසස්පෙළ විභාගයට පෙනි සිටි ශිෂ්‍යෙයකු වන අබ්දුල් හසීම් හයාම් (21) හා අඩීම් රිහාම් (22) නැමති මොරටුව විශ්ව විද්‍යාල සිසුවෙකි .
මෙම තරුණයින් දෙදෙනා ඇතුලු හත්දෙනෙකු ගාල්ල බලා යමින් සිටින අතරතුර මෙම දිය ඇල්ල නැරඹිමට පැමිණ ඇති අතර එහිදි ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනෙකු මෙසේ අනතුරට ලක්වී තිබේ .එයින් එක් අයෙකුගේ දිවි ගැලවි ඇත්තේ අනුනවයෙන් වන අතර අනෙක් දෙදෙනා දියේ ගිලි මියගොස් තිබේ.
මේවන විට එම ඇල්ලේ ගිලි මියගිය මුලු පුද්ගලයින් ගණන 13කි. පසුගිය වසරේ මෙම දිය ඇල්ලේ දිය නෑමට පැමිණි එකම පවුලේ පියෙකු හා දරුවන් දෙදෙනකුද මියගිය අතර පසුගිය මාසයේ මාතර පදිංචි පුද්ගලයින් තිදෙනෙකු සති දෙකක් ඇතුලත පුද්ගලයින් සිව්දෙනකු මිය යාමත් සමග ඉකුත් වසරේ වැල්ලවාය පරිසර කමිටුව ගත් තීරණයකට අනුව ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට තිරණය වු අතර අනතුරුව ඇල්ලේවලේ දිය නෑම සම්පුර්ණයෙන්ම නවතාලිමට ප්‍රාදේශිය සභාව කම්බිවැටක්ද ඉදිකර දැන්වම් පුවරුද සවිකරනලදි.
තහනම නොතකමින් දිනපතා විවිධ ප්‍රෙද්ශවල පුද්ගලයින් සියගනනක් මෙම ඇල්ල නැරඹිමට පැමිනෙන අතර ආරක්ෂාවට තිබු කම්බි වැටද පෙරලා දමා තිබේ . මේ සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශිය සභාපති ආර් ඩි හරමානිස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අපි මෙම අවධානම දැනගත් වහාම මෙම ස්ථානයේ දිය නෑම තහනම් කිරිමට කටයුතු කළා . දැන්වීම් ගැහුවා පෝස්ටර් ගැහුවා කමිබි වැටවල් ගැහුවා නමුත් ඇතැම් පුද්ගලයින් ඒවා කඩා බිඳ දමලා ඇල්ලට ගොස් නානවා එයින් පසුගිය කාලයේ ජිවිත රැසක් අහිමුවුනා . තහනම් කර තිබියදීත් ඒවා ගනන් නෙගෙන කටයුතු කිරිම නිසා මෙවැනි තරුණ ජිවිත නැතිවීම රටට ලොකු පාඩුවක් යැයි කිය සිටියේය.
මෙම මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය වැල්ලවාය හදිසි මරණ පරික්ෂක එච් එම් ජේ හේරත් මහතා විසින් වැල්ලවාය මුලික රෝහලේදි පැවැත්වීමට නියමිතව තිබු අතර වැල්ලවාය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටි එම් රත්නායක මහතා ඇතුලු නිළධාරින් පිරිසක් වැඩිදුර පරිකෂණ සිදුකරති.
වැල්ලවාය අයි ආර් ඉන්දික
