වැඩි කළ දහස ඉල්ලා වතු කම්කරුවන් උද්ඝෝෂණයක
වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවන්ට වැඩි කළ දෛනික වැටුප රුපියල් දහස සහ වතු කම්කරුවන්ගේ සුබ සාධන කටයුතු ලබාදිම සදහා වතු වෘත්තිය සමිති සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට රජයට මැදිහත් වන ලෙස බලකරමින් අද (09දා) හැටන් කම්කරු කාර්යාලය ඉදිරිපිට වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.
ලංකා කම්කරු රතුකොඩි සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර , මෙම උද්ඝෝෂණයට ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු නිලධාරින් සහභාගි වි සිටිහ.
මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දැක් වු ලංකා රතුකොඩි සංගමයේ උපදේශිකා මේනකා කන්දසාමි මහත්මිය කියා සිටියේ වතු කම්කරුවන්ගේ සුබ සාධන කටයුතු ලබාදිම සදහා වතු වෘත්තිය සමිති සහ වතු හාම්පුතුන්ගේ සංගමය එක්ව සමුහික ගිවිසුමක් අත්සන් කර තිබු බවත්,වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකුට දිනකට රුපියල් දහසක වැටුපක් වැඩි කිරිමත් සමග වතු හාම්පුතුන්ගේ සංගමය අවබෝධතා ගිවිසුමෙන් ඉවත් විමෙන් පසු වතු කම්කරුවන්ට මෙතෙක් ලබාදුන් සුබ සාධන කිසිවක් වතු සමාගම් විසින් ලබානොදිම හමුවේ වතු කම්කරුවන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇති බවයි.
මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දැක් වු ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් චමින්ද පෙරේරා මහතා කියා සිටියේ වතු කම්කරුවෙකුට දිනකට රු දහසක වැටුපක් ලබාදිමට පියවර ගත්තද එම වැටුප ලබාදිම සදහා වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට කොන්දේසි ගණනාවක් එක්කර ඇති බවයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

